
I con marketers ව්‍යාපාරික ප්‍රවේශය
- iconmarketerslk
- Apr 10, 2021
- 1 min read
I con marketers වන අප ව්‍යාපාරික වශයෙන් අලෙවිකරණ ආයතනයක් ලෙස ක්‍රියාත්මක වුවද අපගේ අලෙවිකරණ ප්‍රවේශය අනෙකුත් අලෙවිකරණ ආයතන වලින් සම්පූර්ණයෙන්ම පරිබාහිර වීමට එක් විශේෂ හේතුවක් ඇත. අලෙවිකරණ යන වචනය පරිසමාප්ත අර්ථයෙන්ම ව්‍යාපාර කෙරෙහි පිවිසීම වෙනුවට i con marketers අප නිරන්තර අවදානය යොමු කරන එක් විශේෂිත කරුණක් නම් අප පාරිභෝගිකයාට අලෙවි කරන්නේ මොනවාද යන්නයි.
ශ්‍රී ලාංකික ව්‍යාපාරික ආයතනයක් ලෙසින් i con marketers අපගේ දැක්ම අප මුතුන් මිත්තන් එදා සිට රැකගෙන ආ දේශීය ඥානය අගය කරන සහ ඒ ඔස්සේ නිෂ්පාදන කරන, පරිසර හිතකාමී ව්‍යවසායකයින් දිරිමත් කරමින් ඔවුන්ගේ නිෂ්පාදන නිවැරදි අලෙවිකරණ ප්‍රවේශයක් ඔස්සේ පාරිභෝගිකයා වෙතට රැගෙන යාම සහ ඒ තුළින් දේශීය නිෂ්පාදකයා නඟා සිටුවා වස විස වලින් තොර උසස් ගුණාත්මක තත්ත්වයේ නිෂ්පාදන ශ්‍රී ලාංකික පාරිභෝගික ජනතාවට සමීප කර අපේ දේ අගයන වෙළඳපොළ රටාවක් ගොඩ නැගීමයි. අප ආයතනය විසින් අලෙවි කරන නිෂ්පාදනවල ගුණාත්මකභාවය පිළිබඳව නිරන්තර අවධානය යොමු කරන අප, නිෂ්පාදකයන් තෝරාගැනීමේදී ඔවුන්ගේ නිෂ්පාදන ක්‍රියාවලිය පැහැදිලි අධ්‍යනයකින් සහ සියලුම නිෂ්පාදනයන්හි ගුණාත්මකභාවය පිළිබඳව අධීක්ෂණයකින් අනතුරුව පමණක් අප ආයතනය හරහා අලෙවි කටයුතු සිදුකරයි.
දේශීය නිෂ්පාදන ප්‍රවේශයන් අගය කරමින් ඒ ඔස්සේ දැනට වෙළඳපොල තුළ පවතින සියලුම විදේශීය නිෂ්පාදනයන්ට අභියෝගයක් වන පරිදි ඒවායින් ඔබ්බට ගිය ගුණාත්මක උසස් ප්‍රමිතියෙන් යුක්ත දේශීය නිෂ්පාදන වෙළඳපලට හඳුන්වාදෙමින් ශ්‍රී ලාංකික නිශ්පාදකයා බල ගැන්වීම අපගේ ව්‍යාපාරික අරමුණයි.
Comments