Ruwanari Shape up පාරිභෝගිකයන්ට ආහාර පාලන අත්වැලක්.
- iconmarketerslk
- Sep 27, 2022
- 1 min read
Ruwanari Shape up නිශ්පාදනය භාවිතා කරන ඔබ ඔබගේ සිරුරේ හැඩය ගැන උනන්දුවන බවට කිසිදු සැකයක් නැහැ. සිරුරේ අනවශ්‍ය ලෙස තැම්පත්ව ඇති චර්මාභ්‍යන්තර මේදය දහනය කිරීමට රුවනාරී ශේප් අප් නිශ්පාදනය ලබාදී ඇති උපදෙස් පරිදි භාවිතා කරන අතරතුර පහත ආහාර රටාව අනුගමනය කිරීම තුලින් ඔබට ඉතා ඉක්මන් සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකි බව මතක් කරනු කැමැත්තෙමු.
01. උදෑසන අවදි වූ පසු පළමුව තරමක් රස්සනය ඇති වතුර වීදුරුවක් පානය කිරීම මඟින් ආහාර ජීර්ණය හොඳින් සිදුවන අතර මල බද්ධයද වළක්වයි. මෙහිදී පානය කිරීමට තරම් හොඳ රස්නයේ වතුර තිබිය යුතුය. නිවුණු වතුර සුදුසු නොවේ.
02. එසේම ආහාර ගැනීමේදී ප්‍රදාන ආහාර වේල් 3 බර සහිතව ගන්නවා වෙනුවට දිනකට 5 හෝ 6 වතාවක් කුඩා ආහාර වේල් වලින් අනුභව කරන්න.
03. තේ සහ කෝපි සහ සීනි භාවිතය සීමා කරන්න.
04. හැකි හැම විටම නැවුම් එළවළු සලාද වශයෙන් අනුභව කිරීමට උත්සාහ කරන්න.
05. දෛනිකව පානීය ජලය සිරුරේ බර×0.03 සූත්‍රයට අනුව ප්‍රමාණයක් ලබාගන්න.
නිදසුනක් වශයෙන්, කිලෝ ග්රෑම් 70 ක් බරැති පුද්ගලයෙකුට දිනකට පානය කිරීම අවශ්ය වේ: 0.03x70 = වතුර ලීටර් 2.1 වත් අවම පානය කල යුතුයි.
06. දහවල් ආහරයට පසු සුදු ලූනු හා ගොරකා තම්බාගත් වතුර අඩු කෝප්ප භාගයක් පමණ පානය කරන්න.
07. රාත්‍රියට ඉතා සැහැල්ලු ආහාරයක් ගන්න. නින්දට යෑමට පෙර මඳ රස්නය ඇති වතුර වීදුරුවකට දෙහි ඇඹුල් තේ හැඳි 1/2ක් හා මී පැණි තේ හැඳි 1ක් මිශ්‍රකර පානය කරන්න.
08. සතියකට වරක් දෙවරක් පමණ කරපිංචා කොළ කොටා සාදාගත් ඉස්ම කෝප්ප 1/2ක් දෙහි ගෙඩි 1/2ක ඉස්ම සමඟ මිශ්‍රකර උදේට පානය කරන්න. මෙයට ගම්මිරිස් ස්වල්පයක්ද එකතු කළ හැකිය.
Комментарии